ඔබගේ ආරක්ෂාව

අප කරන සෑම දෙයකම ඔබගේ ආරක්ෂාව මුලටම එයි.

ඔබගේ තොරතුරු ආරක්ෂිත නැතිනම්, එය රහසිගත නොවේ. අපි සෙවීම, සිතියම්, සහ YouTube වැනි Google සේවාවන් ලෝකයේ වඩාත් උසස් ආරක්ෂක යටිතල පහසුකම් එකක් මගින් ආරක්ෂා කරන බව තහවුරු කර ගන්නේ ඒ නිසයි.

සංකේතනය සංක්‍රමණයේ දී ඔබගේ දත්ත රහසිගතව තබා ගනී

සංකේතනය අපගේ සේවාවලට ඉතා උසස් මට්ටමේ ආරක්ෂාවක් සහ රහස්‍යතාවක් ලබා දෙයි. ඔබ ඊ-තැපෑලක් යැවීම, වීඩියෝවක් බෙදා ගැනීම, වෙබ් අඩවියකට පිවිසීම හෝ ඔබගේ ඡායාරූප ගබඩා කිරීම වැනි දේවල් කරන විට, ඔබ නිර්මාණය කරන දත්ත ඔබගේ උපාංගය, Google සේවාවන්, සහ අපගේ දත්ත මධ්‍යස්ථාන අතර ගමන් කරයි. අපි HTTPS සහ සංක්‍රමණ ස්ථර ආරක්ෂාව වැනි ප්‍රමුඛ පෙළේ සංකේතන තාක්ෂණයන් ඇතුළුව, ආරක්ෂාවේ බහු ස්ථර සමඟ මෙම දත්ත ආරක්ෂා කරමු.

අපගේ ක්ලුඩ් යටිතල පහසුකම් ඔබගේ දත්ත 24/7 ආරක්ෂා කරයි

මහද්වීප අතර දත්ත මාරු කරන අවශ්‍යතාව අනුව සැළසුම් කළ දත්ත මධ්‍යස්ථානවල සිට මුහුද යට ෆයිබර් කේබල් දක්වා, Google විසින් ලෝකයේ වඩාත් ආරක්ෂිත සහ විශ්වාසනීය ක්ලුඩ් යටිතල පහසුකම් වලින් එකක් මෙහෙයවයි. එමෙන්ම එය ඔබගේ දත්ත ආරක්ෂා කිරීමට සහ ඔබට එය අවශ්‍ය විටෙක ලබා දීමට දිගින් දිගටම නිරීක්ෂණය කරමින් පවතී. සැබැවින්ම, අප විසින් බහු දත්ත මධ්‍යස්ථාන හරහා දත්ත බෙදා හරින අතර, එනිසා ගිනි ගැනීමක් හෝ ව්‍යවසනයක් වැනි සිදුවීමකදී, එය ගැටලුවකින් තොරව ස්වයංක්‍රීයව ස්ථායී සහ ආරක්ෂාකාරී ස්ථානයකට මාරු කළ හැකිය.

තර්ජනය හඳුනා ගැනීම අපගේ සේවාවන් ආරක්ෂා කිරීමට උදවු වේ

අපි අයාචිත තැපැල්, අනිෂ්ට මෘදුකාංග, වෛරස, සහ වෙනත් ආකාරයේ අනිෂ්ට කේතයන් ඇතුළු තර්ජන වලින් ආරක්ෂා කිරීමට අපගේ සේවාවන් සහ මතුපිටට යටින් පවතිනා යටිතල පහසුකම් දිගින් දිගටම නිරීක්ෂණය කරමු.

අපි ආණ්ඩුවලට ඔබගේ දත්ත වෙත සෘජු ප්‍රවේශය ලබා නොදෙමු

අපි ඔබගේ දත්ත, කාලාන්තරය ගබඩා කරන ඔබගේ දත්ත හෝ අපගේ සේවාදායකයන් වෙත “පසුදොර” ප්‍රවේශය කිසිවිටකත් ලබා නොදෙමු. එයින් අදහස් වනුයේ එක්සත් ජනපදයේ හෝ වෙනත් ආකාරයකින්, කිසිදු රජයේ ආයතනයකට අපගේ පරිශීලකයන්ගේ තොරතුරු සඳහා සෘජු ප්‍රවේශය නොමැති බවයි. අපට නීතිය බලාත්මක කිරීමේ නියෝජිතායතනවලින් ඇතැම් අවස්ථාවල පරිශීලක දත්ත ඉල්ලීම් ලැබේ. අපගේ නීතිඥ කණ්ඩායම මෙම ඉල්ලීම් සමාලෝචනය කර ඉල්ලීම ඕනෑවට වඩා පුළුල් හෝ නිවැරදි ක්‍රියාවලිය අනුගමනය නොකරයි නම් ඉවත දමයි. අපි අපගේ පාරදෘශ්‍යතා වාර්තාව තුළ මෙම දත්ත ඉල්ලීම් ගැන විවෘත වීමට වෙහෙස වී වැඩ කොට ඇත්තෙමු.

සංකේතනය අයිෆල් කුළුණේ ඡායාරූපය පිටතට විහිදයි

Gmail සංකේතනය ඊ-තැපැල් රහසිගතව තබයි

පළමු දිනයේ පටන්, Gmail විසින් ඔබ යවන දේ කියවීම සඳහා නරක පුද්ගලයින්ට අසීරු වන පරිදි, සංකේතිත සම්බන්ධතාවලට සහාය දක්වා ඇත. Gmail විසින් ඔබට සංකේතිත සම්බන්ධතාවයක් හරහා නොයවන ඊ-තැපැල් ලැබෙන විට මෙන්, විය හැකි ආරක්ෂක අවදානම් ගැන ඔබට අනතුරු අඟවයි.

Gmail ඊ-තැපැල් ලියුම ආරක්ෂක ස්කෑනරයේ අනතුරු ඇඟවීමේ සලකුණ සකසයි

Gmail අයාචිත තැපැල් ආරක්ෂාව සැක සහිත ඊ-තැපැල් පිටතට පෙරයි

බොහෝ අනිෂ්ට මෘදුකාංග සහ තතුබෑමේ ප්‍රහාර ඊ-තැපෑලක් සමගින් ආරම්භ වෙයි. Gmail ආරක්ෂාව වෙනත් කිනම් හෝ ඊ-තැපැල් සේවාවකට වඩා ඔබව අයාචිත, තතුබෑම්, සහ අනිෂ්ට මෘදුකාංගවලින් ආරක්ෂා කරයි. Gmail විසින් පරිශීලකයන් අයාචිත ලෙස සලකුණු කරන ලද ඊ-තැපැල්වල ලක්ෂණ හඳුනා ගැනීම සඳහා පණිවිඩ බිලියන ගණනකින් අඳින ලද රටාවන් විශ්ලේෂණය කර, ඔවුන් කෙදිනක හෝ ඔබ වෙත ළඟා වීමට පෙර සැක සහිත හෝ භයානක ඊ-තැපැල් අවහිර කිරීමට එම සලකුණු භාවිත කරයි. ඔබට ලැබෙන සැක සහිත ඊ-තැපැල් සඳහා "අයාචිත වාර්තා කරන්න" තේරීමෙන් උදවු විය හැක.

යාන්ත්‍රික ඉගෙනුම හා කෘතිම බුද්ධිය Gmail හි අයාචිත පෙරහන වෙන කවරදාකටත් වඩා නිවැරදි වීමට උදවු කරයි. එය දැන් 99.9% ක අයාචිතයන් ඔබගේ එන ලිපි වලින් පිටත තබයි.

ආරක්ෂණ යාවත්කාලීන ප්‍රගතිය සහිත Chrome බ්‍රව්සරය

Chrome ඔබගේ බ්‍රව්සරයේ ආරක්ෂාව ස්වයංක්‍රීයව යාවත්කාලීන කරයි

ආරක්ෂණ තාක්ෂණයන් සෑම විටම වෙනස් වෙමින් පවතී, එබැවින් ආරක්ෂිතව සිටීමෙන් යාවත්කාලීනව සිටීම අදහස් කෙරේ. ඔබ භාවිතා කරන වෙබ් බ්‍රව්සරයේ අනුවාදය නවතම ආරක්ෂක සකස් කිරීම්, අනිෂ්ට මෘදුකාංග සහ කූට අඩවි වලින් ආරක්ෂාවන්, සහ තවත් දෑ සමඟ යාවත්කාලීන බව තහවුරු කර ගැනීමට Chrome නිතිපතා පරීක්ෂා කරන්නේ ඒ නිසයි. Chrome ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ, එබැවින් ඔබට ඔබව ආරක්ෂා කරන නවතම Chrome ආරක්ෂණ තාක්ෂණයක් ඇත.

හානිකර යෙදුම උපාංගය මතට හොරෙන් සැඟවී යයි

Google Play හානිකර විය හැකි යෙදුම් ඔබගේ දුරකථනයෙන් ඈත් කොට තබයි

ඔබගේ උපාංගයේ විශාලතම ආරක්ෂක අවදානම් වලින් එකක් ඔබ එහි ස්ථාපනය කරන යෙදුම් විය හැක. අපගේ හඳුනාගැනීමේ පද්ධතිය Play Store කරා ළඟා වීමට පෙර හානිකර විය හැකි යෙදුම් සලකුණු කරයි. අපට යෙදුමක් ආරක්ෂිත බවට විශ්වාසයක් නොමැති නම්, එය Android ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයන් විසින් හස්තීයව සමාලෝචනය කරනු ඇත. අපි අපගේ හඳුනාගැනීම පද්ධතිය ප්‍රසාදනය කරන බැවින්, අපි Google මත දැනටමත් ඇති යෙදුම් යළි ඇගයුම් කරන අතර ඔබගේ උපාංගය මතට පැමිණීමට ඉඩ නොදී හානිකර විය හැකි ඒවා ඉවත් කරමු.

Google ද්වේෂ සහගත හා නොමඟ යවන සුළු දැන්වීම් අවහිර කරයි

ඔබගේ සබැඳි අත්දැකීම අනිෂ්ට මෘදුකාංග රැඟෙන යන දැන්වීම් මගින් විනාස කිරීම, ඔබ බැලීමට උත්සාහ කරන කවර අන්තර්ගතය ව්‍යාජ භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම, හෝ වෙනත් ආකාරයකින් අපගේ වෙළඳ ප්‍රචාරණ කොන්දේසි උල්ලංඝනය කළ හැක. අපි මෙම ගැටලුව ඉතා බැරෑරුම් ලෙස සිතමු. සෑම වසරකම අපගේ සජීවී විචාරකයන් හා නවීන මෘදුකාංගවල එකතුවක් බිලියනකට ආසන්න අයහපත් දැන්වීම් අවහිර කරයි. එමෙන්ම අපි ඔබට අහිතකර දැන්වීම් වාර්තා කිරීමට සහ ඔබ දකින දැන්වීම් ආකාර පාලනය කිරීමට මෙවලම් සපයමු. එමෙන්ම අපි සියලු දෙනා සඳහා අන්තර්ජාලය ආරක්ෂිත බවට පත් කිරීමට උදවු වීමට අපගේ ඇතුළාන්තයන් හා හොඳම භාවිතයන් ක්‍රියාකාරීව ප්‍රකාශයට පත් කරමු.

ඔබට සබැඳිව සුරක්ෂිතව සිටීමට උදවු කිරීමට ඉහළම ඉඟි

මෙම ඉක්මන් ඉඟි සමඟින් ඔබේ සබැඳි ගිණුම් සහ පුද්ගලික දත්ත ආරක්ෂා කර ගන්න.

  • ඔබේ උපාංග ආරක්ෂා කරන්න

  • තතුබෑම් උත්සාහයන් වළක්වා ගන්න

  • අන්තර්ජාලය සුරක්ෂිතව බ්‍රවුස් කරන්න

Google ආරක්ෂක පලිහ හා පිරික්සුම් ලැයිස්තුව

ප්‍රබල මුරපද සාදන්න

ප්‍රබල, සුරක්ෂිත මුරපදයක් නිර්මාණය කිරීම ඔබට ඔබේ සබැඳි ගිණුම් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි ඉතාම තීරණාත්මක පියවරයි. ඔබට අමතක නොවන, නමුත් එය අන් අයට අනුමාන කිරීම අසීරු වචන මාලාවක් භාවිතා කිරීමෙන් මෙය කළ හැකිය. නැතහොත් දිගු වාක්‍යයක් ගෙන සෑම වචනයකම පළමු අකුරු සමඟ මුරපදයක් ගොඩනඟන්න. එය වඩාත් ශක්තිමත් කිරීම සඳහා, අවම වශයෙන් අනුලකුණු 8ක් දිගු කරන්න, මන්ද ඔබේ මුරපදය තවදුරටත් දිගු වන නිසා, එය වඩා ශක්තිමත්ය.

ආරක්ෂක ප්‍රශ්න සඳහා පිළිතුරු නිර්මාණය කිරීමට අසයි නම්, අනුමාන කිරීම වඩාත් අසීරු කිරීම සඳහා ව්‍යාජ පිළිතුරු භාවිතා කිරීම ගැන සලකා බලන්න.

කිසිවිටෙකත් එකම මුරපදය දෙවරක් භාවිතා නොකරන්න

සෑම ගිණුමක්ම සඳහා අනන්‍ය මුරපද භාවිතා කරන්න

ඔබේ Google ගිණුම, සමාජ මාධ්‍ය පැතිකඩ සහ සිල්ලර වෙබ් අඩවි වැනි, ගිණුම් කිහිපයකට පුරනය වීමට එකම මුරපදය භාවිතා කිරීම, ඔබේ ආරක්ෂක අවදානම වැඩි කරයි. එය ඔබේ නිවස, මෝටර් රථය සහ කාර්යාලය අගුළු හැරීමට එකම යතුර භාවිතා කරනවා වැනිය – කෙනෙකු එකකට ප්‍රවේශය ලබා ගන්නේ නම්, ඒවා සියල්ලම අන් සතු විය හැකිය.

බහු මුරපදයන් නිරීක්ෂණය කරන්න

Chrome බ්‍රව්සරයේ Google Smart Lock වැනි, මුරපද කළමනාකරුවෙකු, ඔබේ වෙනස් සබැඳි ගිණුම් සඳහා සියලු මුරපද ආරක්ෂා කර ගැනීමට සහ පවත්වා ගෙන යාමට උදවු වේ. එයට ආරක්ෂක ප්‍රශ්නවලට ඔබේ පිළිතුරු නිරීක්ෂණය කරමින් තබා ගැනීමට සහ ඔබ වෙනුවෙන් අහඹු මුරපදයන් උත්පාදනය කිරීමටත් හැකිය.

දෙපියවර සත්‍යාපනය සමඟින් අපහාරකයින්ට විරුද්ධව ආරක්ෂා වන්න

දෙපියවර සත්‍යාපනය මඟින් ඔබේ ගිණුමට පුරනය වීම සඳහා ඔබේ පරිශීලක නාමය හා මුරපදයට ඉහළින් ද්විතීයික සාධකයක් භාවිතා කිරීමට ඔබට අවශ්‍ය කරමින් ඔබේ ගිණුමට ප්‍රවේශය නොතිබිය යුතු ඕනෑම කෙනෙකු ඈත් කර තබා ගැනීමට උදවු වේ. නිදසුනක් ලෙස, Google සමඟින්, මෙය Google Authenticator යෙදුමෙන් උත්පාදනය කළ සංඛ්‍යා-හයේ කේතයක් හෝ ඔබේ Google යෙදුමෙන් විශ්වාසනීය උපාංගයකින් පුරනය පිළිගැනීමට විමසුමක් විය හැකිය.

තතුබෑමෙන් තවදුරටත් ආරක්ෂා වීම සඳහා, ඔබට ඔබේ පරිගණකයේ USB කවුළුවට ඇතුළත් කරන හෝ ඔබේ ජංගම උපාංගයට NFC (ආසන්න ක්ෂේත්‍ර සන්නිවේදනය) හෝ බ්ලූටූත් භාවිතයෙන් සම්බන්ධ වන භෞතික ආරක්ෂිත යතුරක් භාවිතා කළ හැකිය.

ඔබේ මෘදුකාංගය යාවත්කාලීනව තබන්න

ආරක්ෂිත අවධානම්වලින් ඔබ විසින්ම ආරක්ෂා වීමට, ඔබේ වෙබ් බ්‍රව්සරය, මෙහෙයුම් පද්ධතිය, පේනු මෘදුකාංග හෝ ලේඛක සංස්කාරක හරහා සැමවිටම යාවත්කාලීන මෘදුකාංග භාවිතා කරන්න. ඔබට ඔබේ මෘදුකාංගය යාවත්කාලීන කිරීම සඳහා දැනුම්දීම් ලැබුණු විට, හැකි ඉක්මනින් එය කරන්න.

ඔබ සැමවිටම පවතින නවතම අනුවාදයන් ධාවනය කරන බවට වග බලා ගැනීම සඳහා ඔබ නිතිපතා භාවිතා කරන මෘදුකාංග සමාලෝචනය කරන්න. Chrome බ්‍රව්සරය ඇතුළු, සමහර සේවාවන්, ඒවා විසින්ම ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ.

තිර අගුලක් භාවිතා කරන්න

ඔබ ඔබේ පරිගණකය, ලැප්ටොපය, ටැබ්ලටය හෝ දුරකථනය භාවිතා නොකරන විට, ඔබේ උපාංගයට අනිත් අය ඇතුළු වීමෙන් ඈත්ව තබා ගැනීම සඳහා ඔබේ තිරය අගුළු දමන්න. අමතර ආරක්ෂාවක් සඳහා, ඔබේ උපාංගය නින්දට යන විට එය ස්වයංක්‍රීයව අගුළු දැමීමට සකසන්න.

ඔබට ඔබේ දුරකථනය අහිමි නම් එය අඟුළුලන්න

ඔබේ දුරකථනය කෙදිනක හෝ නැති වූ හෝ සොරකම් කළ අවස්ථාවකදී, මගේ ගිණුම වෙත පිවිස ඔබේ දත්ත ඉක්මන් පියවර කිහිපයකින් ආරක්ෂා කිරීමට “ඔබේ දුරකථනය සොයා ගන්න” තෝරන්න. ඔබට තිබෙන්නේ Android හෝ iOS උපාංගයක් වුවත්, ඔබට වෙනත් කෙනෙකුට ඔබේ දුරකථනය භාවිතා කර ඔබේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඉඩ නොදෙන ලෙස ඔබේ දුරකථනය දුරස්ථව සොයා ගෙන අගුළු දැමිය හැකිය.

බ්‍රව්සරය Chrome හි ආරක්ෂිත මුරපද පෙන්වයි

ඔබේ දුරකථනයෙන් හානිකර විය හැකි යෙදුම් ඈත්ව තබා ගන්න

සැමවිටම ඔබ විශ්වාස කරන මූලාශ්‍රයකින් ඔබේ ජංගම යෙදුම් බාගන්න. Android උපාංග සුරක්ෂිතව තබා ගැනීමට උදවු කිරීම සඳහා, Google Play ආරක්ෂාව මඟින් ඔබට බාගැනීමට හැකි වීමට පෙර Google Play Store වෙතින් යෙදුම්වල ආරක්ෂණ පරීක්ෂාවක් ධාවනය කරන අතර වෙනත් මූලාශ්‍රයන්ගෙන් හානිකර විය හැකි යෙදුම් සඳහා ඔබේ උපාංගය වරින් වර පරීක්ෂා කරයි.

ඔබේ දත්ත ආරක්ෂා කර ගැනීමට:

  • ඔබේ යෙදුම් සමාලෝචනය කර, ඔබ භාවිතා නොකරන ඒවා මකන්න
  • ඔබේ යෙදුම් අලෙවිසැල් සැකසීම් වෙත පිවිස ස්වයං-යාවත්කාලීන සබල කරන්න
  • ඔබේ ස්ථානය සහ ඡායාරූප වැනි, සංවේදී දත්තවලට ඔබ විශ්වාස කරන යෙදුම්වලට පමණක් ප්‍රවේශය ලබා දෙන්න

ඊ-තැපැල් වංචාවන්, ව්‍යාජ තෑගි සහ තෑගිවලින් ප්‍රවේශම් වන්න

ආගන්තුකයින්ගෙන් ලැබෙන පණිවිඩ නිතරම සැක සහිතය, විශේෂයෙන්ම ඒවා සත්‍යයක් වීමට වඩා හොඳ යැයි සිතිය හැකි වුවත් — මේවා අතර ඔබ යමක් දිනා ඇති බව ප්‍රකාශ කිරීම, සමීක්ෂණයක් සම්පූර්ණ කිරීම සඳහා තෑගි පිරිනැමීම, හෝ මුදල් ඉපැයීම සඳහා ඉක්මන් ක්‍රම ප්‍රවර්ධනය කිරීම වැනි ඒවා වේ. කිසිවිටෙක සැක සහිත සබැඳි ක්ලික් නොකරන්න, එමෙන්ම ගැටලුකාරී පෝරම සහ සමීක්ෂණවලට කිසිවිටෙක පුද්ගලික තොරතුරු ඇතුළු නොකරන්න.

පුද්ගලික තොරතුරු සඳහා ඉල්ලීම් ගැන කල්පනාකාරී වන්න

මුරපද, බැංකු ගිණුම සහ ණයපත් අංක හෝ ඔබේ උපන්දිනය වැනි පුද්ගලික තොරතුරු ඉල්ලා සිටින සැක සහිත ඊ-තැපැල්, ක්ෂණික පණිවිඩ හෝ මතු කර පෙන්වීමේ කවුළුවලට පිළිතුරු නොදෙන්න. පණිවිඩය ඔබේ බැංකුව වැනි, ඔබ විශ්වාස කරන අඩවියකින් පැමිණියත්, කිසිවිටෙක සබැඳිය මත ක්ලික් කිරීම හෝ පිළිතුරු පණිවිඩයක් යැවීම නොකරන්න. ඔබේ ගිණුමට පුරනය වීමට ඔවුන්ගේ වෙබ් අඩවියට හෝ යෙදුමට සෘජුවම යාම හොඳයි.

මතක තබා ගන්න, නීත්‍යානුකූල අඩවි සහ සේවාවන් ඔබට ඊ-තැපැල් මගින් මුරපද හෝ මූල්‍ය තොරතුරු එවීමට ඉල්ලා සිටින පණිවිඩ එවනු නොලැබේ.

වෙස්වලා සිටින්නන්ගෙන් පරිස්සම් වන්න

ඔබව දන්නා අයෙකු ඔබට ඊ-තැපැල් කරන නමුත්, පණිවිඩය අමුතු බවක් පෙනේ නම්, ඔවුන්ගේ ගිණුම අන් සතු වී තිබිය හැක.

මේවා සඳහා පරික්ෂාකාරී වන්න:

  • මුදල් සඳහා හදිසි ඉල්ලීම්
  • පුද්ගලයා කිසිදු පිළිසරණක් නැතිව වෙනත් රටක හිරවී සිටින බව ප්‍රකාශ කරයි
  • පුද්ගලයා තම දුරකථනය සොරකම් කළ බවත් ඇමතිය නොහැකි බවත් පවසයි

ඔබට ඊ-තැපෑල නිත්‍යානුකූල බවට තහවුරු කළ නොහැකි නම් පණිවිඩයට පිළිතුරු දීම හෝ කවර හෝ සබැඳියක් ක්ලික් කිරීම නොකරන්න.

බාගැනීමට පෙර ගොනු දෙවරක් පරීක්ෂා කරන්න

සමහර නවීන තතුබාන ප්‍රහාර ආසාදිත ලේඛන සහ PDF ඇමුණුම් හරහා සිදු විය හැක. ඔබ සැක සහිත ඇමුණුමක් හරහා පැමිණෙන විට, එය සුරක්ෂිතව විවෘත කිරීමට සහ ඔබේ උපාංගයට ආසාදනය වීමේ අවදානම අඩු කිරීමට Chrome හෝ Google Drive භාවිතා කරන්න. අපි වෛරසයක් හඳුනා ගත්තොත්, ඔබට අනතුරු ඇඟවීමක් පෙන්වනු ඇත.

සුරක්ෂිත ජාල භාවිතා කරන්න

මුරපදයක් අවශ්‍ය වුවද, පොදු හෝ නොමිලේ WiFi භාවිතය ගැන ප්‍රවේශම් වන්න. ඔබ පොදු ජාලයකට සම්බන්ධ වූ විට, ඔබ අවට සිටින ඕනෑම අයෙකුට ඔබ පිවිසෙන වෙබ් අඩවි සහ ඔබ අඩවිවලට යතුරු ලියන තොරතුරු වැනි, ඔබේ අන්තර්ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත. පොදු හෝ නොමිලේ WiFi යනු ඔබේ එකම විකල්පය නම්, අඩවියක් සුරක්ෂිත නම් Chrome බ්‍රව්සරය ලිපින තීරුවේ ඔබට දැනුම් දෙනු ඇත.

සංවේදී තොරතුරු ඇතුළු කිරීමට පෙර සුරක්ෂිත සබැඳුම් සොයා බලන්න

ඔබ වෙබය බ්‍රවුස් කරන විට – සහ විශේෂයෙන්ම ඔබ මුරපදයක් හෝ ණයපත් විස්තර වැනි සංවේදී තොරතුරු ඇතුළු කිරීමට සැලසුම් කරන්නේ නම් – ඔබ පිවිසෙන අඩවිවලට සබැඳුම සුරක්ෂිත දැයි සහතික කර ගන්න. සුරක්ෂිත URL එකක් HTTPS සමඟින් ආරම්භ වනු ඇත. Chrome බ්‍රව්සරය විසින් URL ක්ෂේත්‍රය තුළ හරිත, සම්පූර්ණයෙන්ම-අගුළු වැටුණු නිරූපකයක් පෙන්වා, “සුරක්ෂිතයි” පවසනු ඇත. එය සුරක්ෂිත නොවේ නම්, එය “සුරක්ෂිත නොවේ” ලෙස කියවනු ඇත. ඔබ පිවිසෙන වෙබ් අඩවි සමඟ ඔබේ බ්‍රව්සරය හෝ යෙදුම සුරක්ෂිතව සම්බන්ධ කිරීම මගින් ඔබේ බ්‍රවුස් කිරීම සුරක්ෂිත කර ගැනීමට HTTPS උදවු කරයි.