ඔබගේ දත්ත

අප රැස් කරන හා භාවිතා කරන දත්ත ඔබට තේරුම් ගැනීමට අපට අවශ්‍යයි.

ඔබ Google සේවා භාවිත කරන විට, ඔබ ඔබගේ තොරතුරු සම්බන්ධයෙන් අපව විශ්වාස කරයි. අපි රැස් කරන දේ සහ අප අපගේ සේවාවන් ඔබ වෙනුවෙන් වඩා හොඳින් ක්‍රියා කිරීමට එය භාවිතා කරන ආකාරය පැහැදිලි කිරීම අපගේ වගකීමකි.

මෙන්න අප රැස් කරන ප්‍රධාන දත්ත වර්ග තුනක්:

ඔබ කරන දේවල්

ඔබ අපගේ සේවා භාවිත කරන විට — උදාහරණයක් ලෙස, Google හි සෙවීමක් සිදු කරන විට, Google සිතියම් මත මඟ පෙන්වීම් ලබා ගන්නා විට, හෝ YouTube හි වීඩියෝවක් නරඹන විට — ඔබ සඳහා මෙම සේවා ක්‍රියා කිරීමට හැකි වන සේ අපි දත්ත රැස් කරමු. මෙහි ඇතුළත් විය හැකියි:

  • ඔබ සොයන දේවල්
  • ඔබ පිවිසෙන වෙබ් අඩවි
  • ඔබ නරඹන වීඩියෝ
  • ඔබ ක්ලික් කරන හෝ තට්ටු කරන දැන්වීම්
  • ඔබගේ ස්ථානය
  • උපාංගයේ තොරතුරු
  • IP ලිපිනය සහ කුකී දත්ත

ඔබ සාදන දේවල්

ඔබ ඔබගේ Google ගිණුම සමඟ පුරා ඇත්නම්, අප ඔබ විසින් අපගේ සේවා භාවිතයෙන් සාදන දේවල් ගබඩා කර ආරක්ෂා කරමු. මෙහි ඇතුළත් විය හැකියි:

  • ඔබ Gmail හි යවන සහ ලබන ඊ-තැපැල්
  • ඔබ එක් කරන සම්බන්ධතා
  • දින දර්ශන සිදුවීම්
  • ඔබ උඩුගත කරන ඡායාරූප සහ වීඩියෝ
  • Drive හි ලේඛන, පත්‍ර, සහ ස්ලයිඩ

ඔබව "ඔබ" බවට පත් කරන දේවල්

ඔබ Google ගිණුමක් සඳහා ලියාපදිංචි වන විට, ඔබ අපට සපයන මූලික තොරතුරු අපි තබා ගනිමු. මෙහි ඇතුළත් විය හැකියි:

  • නම
  • ඊ-තැපැල් ලිපිනය හා මුරපදය
  • උපන් දිනය
  • ස්ත්‍රී පුරුෂ භාවය
  • දුරකථන අංකය
  • රට
ස්මාර්ට් දුරකථනයක් මත Google සිතියම්

Google සිතියම් ඔබව වේගවත්ව තැන්වලට ගෙන යන ආකාරය

ඔබ Google සිතියම් යෙදුම භාවිතා කරන විට, ඔබගේ දුරකථනය Google වෙත නැවත ඔබගේ ස්ථානය ගැන දත්ත බිඳක් නිර්නාමිකව යවයි. මෙය මාර්ග තදබද රටා හඳුනා ගැනීමට ඔබ අවට පුද්ගලයින්ගේ දත්ත සමඟ සංකලනය වී ඇත. නිදර්ශනයක් වශයෙන්, සිතියම් හට වාහන කිහිපයක් එකම වීදිය දිගේ සෙමෙන් ගමන් කරන විට හඳුනාගෙන ඔබට අධික මාර්ග තදබදයක් පවතින බව පැවසිය හැක. ඒ නිසා මීළඟ වතාවේ සිතියම් ඔබට රිය අනතුරක් ගැන අනතුරු අඟවන අතර වේගවත් මාර්ගයක් කරා ඔබට මඟ පෙන්වයි, ඔබට කෙටිමඟ සඳහා ස්තූති කිරීමට ඔබගේ සහෝදර රියදුරන්ගේ දත්ත ඇත.

ස්වයංව සම්පූර්ණ කිරීම සමඟ Google සෙවුම් තීරුව

Google ඔබගේ සෙවුම් ස්වයංව සම්පූර්ණ කරන ආකාරය

ඔබ යම් දෙයක් සොයන විට ඔබෙන් ටයිප් කිරීමේ වරදක් වුවහොත් — Google ඔබ අදහස් කළ දේ කෙසේ හෝ දන්නා බව ඔබ දන්නවා ද? අපගේ අක්ෂර වින්‍යාස නිවැරදි කිරීමේ ආදර්ශය පෙරදී එම වරදම කළ පුද්ගලයින් වෙතින් වන දත්ත භාවිත කර ඔබ වෙනුවෙන් එය නිවැරදි කරයි. ඔබ “Barsalona,” ටයිප් කරන විට, බොහෝ දුරට “Barcelona” යන අදහස ඇති බව අපි දන්නේ එබැවිනි.

ඔබගේ සෙවීම් ඉතිහාසය ඔබගේ සෙවීම් ස්වයංව සම්පූර්ණ කිරීමට ද Google හට උදවු විය හැක. උදාහරණයක් ලෙස, ඔබ පෙරදී “Barcelona flights” සඳහා සොයා ඇති නම්, අප මෙය ඔබ ටයිප් කිරීම අවසන් කිරීමට පෙරම සෙවීම් කොටුව තුළ යෝජනා කළ හැකිය. නැතහොත් ඔබ පාපන්දු සමාජයක රසිකයෙකු නම් සහ නිතරම “Barcelona scores” යනුවෙන් සොයා ඇති නම්, අප වහාම එය යෝජනා කළ හැකිය.

ස්වයං පිරවුම මඟින් සම්පූර්ණ කර ඇති පෝරමයක් සමඟ Chrome පටිත්ත

Chrome ඔබ වෙනුවෙන් පෝරම සම්පූර්ණ කරන ආකාරය

ඔබ මිලදී ගැනීමක් සිදු කරන හෝ සබැඳිව ගිණුමක් සඳහා ලියාපදිංචි කරන සෑම අවස්ථාවකදීම, ඔබ ඔබගේ පුද්ගලික තොරතුරු සමඟ පෝරම පුරවා කාලය වැය කරයි. ඔබ Chrome භාවිතා කරන විට, අපිට ඔබ වෙනුවෙන් මෙම පෝරම ස්වයංව සම්පූර්ණ කිරීමට හැකි වන පරිදි ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය, ඊ-තැපැල් ලිපිනය, සහ ගෙවීම් තොරතුරු වැනි දේවල් සුරැකිය හැක. ඔබට හැම විටම විශේෂිත ස්වයං පිරවුම් ක්ෂේත්‍ර සංස්කරණය කිරීම හෝ මෙම සැකසීම සම්පූර්ණයෙන්ම අබල කළ හැකිය.

පැතිකඩ ඡායාරූපය සහ රහසිගත ප්‍රතිඵල බොත්තම සමඟ Google සෙවුම් තීරුව

Google සෙවීම ඔබට ඔබගේම තොරතුරු සොයා ගැනීමට උදවු කරන ආකාරය

Google සෙවීමට ඔබ විසින්ම ලබා ගැනීමට සිදු නොවනු පිණිස Gmail, Google ඡායාරූප, දින දර්ශනය, සහ තවත් වෙතින් ප්‍රයෝජනවත් තොරතුරු ලබා ගෙන ඔබගේ රහසිගත සෙවුම් ප්‍රතිඵල තුළ එය පෙන්විය හැක. “මගේ දන්ත වෛද්‍යවරයා හමුවිම,” “මුහුදු වෙරළෙහි මගේ ඡායාරූප මට පෙන්වන්න,” හෝ “මගේ හෝටල් වෙන්කරවා ගැනීම කොහෙද” වැනි දේවල් සඳහා සොයන්න. ඔබ පුරනය වී ඇති තාක්, අපි වෙනත් Google සේවා වෙතින් මෙම තොරතුරු ලබා ගෙන එක් පියවරකින් ඔබ වෙත එය ලබා දෙනු ඇත.

කතා බහ ඇතිවනුයේ පරිශීලකයෙකු හා Google සහයකයෙකු අතරය

කටයුතු කර ගැනීමට Google සහයකයා හට ඔබට උපකාරී විය හැක්කේ කෙසේද

ඔබ නිවසේ සිටියත්, ගමන් කරමින් සිටියත්, ඔබගේ සහායකයා හට සෑම විටම ඔබට සහය විය හැකියි. ඔබ ඔබගේ සහයකයාගෙන් ප්‍රශ්නයක් විමසූ විට හෝ කළ යුතු දේ පැවසූ විට, එය ඔබට අවශ්‍ය දෙය ලබා ගැනීමට වෙනත් Google සේවාවන් වෙතින් දත්ත ලබා ගනු ඇත. උදාහරණයක් ලෙස ඔබ "ආසන්නයේ ඇති කෝපි අවන්හල් මොනවා ද?" හෝ “මට හෙට කුඩයක් අවශ්‍ය ද?” යැයි විමසූ විට ඔබගේ සහයකයා වෙතින් ඔබට වඩාත් උචිත පිළිතුර ලබා දීමට ඔබගේ ස්ථානය, රුචිකත්ව, සහ අභිරුචි මෙන්ම, සිතියම් හා සෙවීම් වෙතින් ද තොරතුරු භාවිතා කරයි. ඔබගේ සහයකයා සමග වුණු සහසම්බන්ධතා වෙතින් එක් රැස් වුණු දත්ත බැලීමට හෝ මකා දැමීමට ඔබට ඕනෑම වේලාවක මගේ ක්‍රියාකාරකම් මෙවලම වෙත පිවිසීමට හැකියි.

ඔබගේ Google අත්දැකීමෙහි පාලනය නතු කර ගන්න

ඔබට ඔබගේ රහස්‍යතාව කළමනාකරණය කිරීමට ඕනෑම වේලාවක භාවිතා කළ හැකි මෙවලම් කිහිපයක් මෙන්න.

මගේ ගිණුම දර්ශනය වන බ්‍රව්සරය

මගේ ගිණුමෙහි ඔබගේ රහස්‍යතා සැකසීම් පාලනය කරන්න

ඔබට Google ගිණුමක් තිබුනද නොතිබුනද, Google සේවා ඔබ වෙනුවෙන් වඩාත් හොඳින් ක්‍රියා කිරීමට සැලැස්වීමට කුමන වර්ගයේ දත්තවලට හැකි දැයි ඔබම තීරණය කරන්න. මගේ ගිණුම විසින් ඔබට ඔබගේ පුද්ගලික තොරතුරු කළමනාකරණය කිරීමට සහ ඔබගේ රහස්‍යතාවය ආරක්ෂා කර ගැනීමට උදවු කරන මෙවලම් වෙත ඉක්මන් ප්‍රවේශය ලබා දෙයි.

Chrome කවුළුවක් තුළ පසුගිය සෙවුම්

මගේ ක්‍රියාකාරකම් හි ඔබගේ ගිණුම තුළ ඇති දත්ත බලන්න

මගේ ක්‍රියාකාරකම් යනු ඔබ අපගේ සේවාවන් භාවිතයෙන් සෙවූ, බැලූ හා නරඹා ඇති සියලු දේවල් සොයා ගත හැකි මධ්‍යගත තැනයි. ඔබගේ අතීත සබැඳි ක්‍රියාකාරකම් සිහිපත් කිරීමට පහසු කිරීමට, මාතෘකාව, දිනය, සහ නිෂ්පාදනය අනුව සෙවීමට අපි ඔබට මෙවලම් ලබා දෙමු. ඔබට විශේෂිත ක්‍රියාකාරකම් හෝ ඔබගේ ගිණුම හා සම්බන්ධ කිරීමට අවශ්‍ය නැති සමස්ත මාතෘකාවන් පවා ස්ථිරවම මකා දැමිය හැකිය.

Chrome අප්‍රසිද්ධ නිරූපකය

අප්‍රසිද්ධ ප්‍රකාරය සමඟ අන්තර්ජාලය රහසිගතව බ්‍රවුස් කරන්න

ඔබගේ වෙබ් ඉතිහාසයට ඔබගේ සෙවුම් ප්‍රතිඵල වඩාත් ඵලදායී බවට පත් කිරීමට උදවු කළ හැකි නමුත්, ඔබට රහසිගතව බ්‍රවුස් කිරීමට අවශ්‍ය විය හැකි අවස්ථා ඇත. ඔබ ඔබගේ ආදරණීයයන් සමඟ පරිගණකයක් හුවමාරු කරයි නම්, නිදර්ශනයක් ලෙස, ඔබට බොහෝ විට ඔබ සොයන පුදුම කරවන උපන්දින තෑග්ග විනාශ කිරීමට ඔබගේ බ්‍රවුස් කිරීමේ ඉතිහාසය අවශ්‍ය නැත. මෙවැනි අවස්ථාවන් සඳහා, ඔබගේ බ්‍රවුස් කිරීමේ ඉතිහාසය සුරැකීමෙන් Google Chrome වැළැක්වීම සඳහා ඔබගේ පරිගණකය හෝ ජංගම උපාංගය මත අප්‍රසිද්ධ කවුළුවක් විවෘත කරන්න.