පාලනය නතු කරගන්න

ඔබගේ රහස්‍යතාවය කළමනාකරණය කිරීම සඳහා ඔබට පාලනයන් ඇත.

අපි හැකි තරම් අපගේ සේවාවන් ප්‍රයෝජනවත් කිරීමට දත්ත භාවිතා කරන නමුත්, ඔබ අප රැස් කර භාවිතා කරන්නේ කුමන ආකාරයේ දත්ත දැයි තීරණය කොට භාවිතා කරන්න. අපි ඔබට ඔබගේ රහස්‍යතාවය සහ ආරක්ෂාව කළමනාකරණය කිරීමට උදවු වන භාවිතයට පහසු මෙවලම් වෙත ඉක්මන් ප්‍රවේශය ලබා දීමට මගේ ගිණුම ඉදි කළෙමු. ඔබට පහත සඳහන් සැකසීම් සමාලෝචනය කිරීමෙන් ඔබගේ දත්ත Google සේවාවන් ඔබ වෙනුවෙන් වඩා හොඳින් ක්‍රියා කරන්නේ කෙසේද යන්න තීරණය කළ හැක.

මගේ ගිණුම වෙත යන්න

රහස්‍යතා පරීක්ෂණය සමඟ ඔබගේ රහස්‍යතා සැකසීම් කළමනාකරණය කරන්න

විනාඩි කිහිපයක් තුළ, ඔබට Google රැස් කරන දත්ත වර්ග කළමනාකරණය කිරීමට, ඔබ මිතුරන් සමඟ බෙදාගන්නා හෝ පොදු බවට පත් කරන්නේ කුමන පුද්ගලික තොරතුරු දැයි යාවත්කාලීන කිරීමට, සහ Google ඔබට පෙන්විය යුතු දැන්වීම් වර්ග සීරුමාරු කිරීමට ඔබට හැකිය. ඔබට මෙම සැකසීම් ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකිය.

රහස්‍යතා පරීක්ෂණය ගන්න

ආරක්ෂක පරීක්ෂණය සමඟ ඔබගේ ගිණුම ආරක්ෂිත කරන්න

ඔබගේ Google ගිණුම ආරක්ෂා කිරීම සඳහා ඔබට කළ හැකි පළමු දෙය වන්නේ ආරක්ෂක පරීක්ෂාව කිරීමය. අප ඔබට ඔබගේ ආරක්ෂක තොරතුරු යාවත්කාලීන බව සහ ඔබගේ ගිණුමට සම්බන්ධිත වෙබ් අඩවි, යෙදුම්, සහ උපාංග ඔබ තවමත් භාවිත කරන සහ විශ්වාස කරන ඒවා බව සත්‍යාපනය කිරීම සඳහා උදවු කිරීමට එය ගොඩනැගුවෙමු. කිසියම් දෙයක් සැක සහිත බවක් පෙනෙන්නේ නම්, ඔබට ඔබගේ සැකසීම් හෝ මුරපදය වහාම වෙනස් කළ හැකිය. ආරක්ෂක පරීක්ෂණයට විනාඩි කිහිපයක් ගත වන අතර ඔබට කැමති ලෙස එය ගත හැක.

ආරක්ෂක පරීක්ෂණය ගන්න

ඔබගේ ගිණුම හා සම්බන්ධ වන දත්ත තීරණය කරන්න

අප ඔබගේ ගිණුම සමඟ සුරකින දත්ත, සිතියම් තුළ වඩා හොඳ ගමනාගමන විකල්පවල සිට සෙවීම තුළ වඩා වේගවත් ප්‍රතිඵල දක්වා, Google සේවා ඔබට බොහෝ ප්‍රයෝජනවත් කළ හැකිය. ක්‍රියාකාරකම් පාලනය භාවිතා කරමින්, ඔබට ඔබගේ ගිණුම හා සම්බන්ධ වන දෑ තීරණය කිරීම හා ඔබගේ උපාංග වෙතින් ඔබගේ සෙවුම් සහ බ්‍රවුස් කිරීමේ ක්‍රියාකාරකම්, ඔබ යන තැන්, සහ තොරතුරු වැනි — දත්තවල විශේෂිත වර්ග රැස් කිරීම විරාම ගැන්වීම කළ හැක.

ක්‍රියාකාරකම් පාලනය වෙත යන්න

ඔබගේ මනාපයන් මත පදනම් දැන්වීම් පාලනය කරන්න

ඔබගේ දැන්වීම් සැකසීම් තුළ, ඔබට ඔබ ලැදිකමක් දක්වන මාතෘකා මත පදනම් කර ගත් දැන්වීම් පාලනය කළ හැක. උදාහරණයක් ලෙස, ඔබ පොප් සංගීතයට කැමති බව Google වෙත පැවසීමට දැන්වීම් පෞද්ගලීකරණ සැකසීම් භාවිතා කරන්නේ නම්, ඔබ YouTube වෙත පුරනය වී ඇති විට ඔබ අසල පැවැත්වීමට නියමිත මුදා හැරීම් හා දර්ශන සඳහා දැන්වීම් දැකිය හැක.

ඔබ පුරනය වී සිටින අතරතුර දැන්වීම් පෞද්ගලීකරණය ක්‍රියා විරහිත කරයි නම්, අපි ඔබට Google සේවා හරහා ඔබගේ ලැදිකම් වලට මෙන්ම අපත් සමඟ හවුල් වූ වෙබ් අඩවි සහ යෙදුම්වලට අදාළ දැන්වීම් පෙන්වීම නතර කරමු. ඔබ වරනය වී ඇති නම්, දැන්වීම් පෞද්ගලීකරණය ක්‍රියා විරහිත කිරීම දැන්වීම් පෙන්වා ඇති Google සේවාවන් වලට පමණක් බලපායි.

දැන්වීම් සැකසීම් වෙත යන්න

මගේ ක්‍රියාකාරකම් හි ඔබගේ ගිණුම තුළ ඇති දත්ත බලන්න

මගේ ක්‍රියාකාරකම් යනු ඔබ අපගේ සේවාවන් භාවිතයෙන් සෙවූ, බැලූ හා නරඹා ඇති දේවල් සොයා ගත හැකි මධ්‍යගත තැනයි. ඔබගේ අතීත සබැඳි ක්‍රියාකාරකම් සිහිපත් කිරීමට පහසු කිරීමට, මාතෘකාව, දිනය, සහ නිෂ්පාදනය අනුව සෙවීමට අපි ඔබට මෙවලම් ලබා දෙමු. ඔබට විශේෂිත ක්‍රියාකාරකම් හෝ ඔබගේ ගිණුම හා සම්බන්ධ කිරීමට අවශ්‍ය නැති සමස්ත මාතෘකාවන් පවා ස්ථිරවම මකා දැමිය හැකිය.

මගේ ක්‍රියාකාරකම් වෙත යන්න

ඔබගේ මූලික ගිණුම් තොරතුරු සමාලෝචනය කරන්න

ඔබගේ නම, ඊ-තැපැල් ලිපිනය, සහ දුරකථන අංකය වැනි — ඔබ Google සේවා මත බෙදාගන්නා පුද්ගලික තොරතුරු පාලනය කරන්න.

ඔබගේ පුද්ගලික තොරතුරු සමාලෝචනය කරන්න

ඔබගේ දත්ත බාගැනීම සමඟ ඕනෑම තැනක ඔබගේ අන්තර්ගතය රැගෙන යන්න

ඔබගේ ඡායාරූප. ඔබගේ ඊ-තැපැල්. ඔබගේ සම්බන්ධතා. ඔබගේ පිටුසන් පවා. ඔබට ඔබගේ Google ගිණුමේ ගබඩා කළ අන්තර්ගතය මනාව පාලනය කිරීමට හැකිය. අප ඔබගේ දත්ත බාගැනීම නිර්මාණය කළේ ඒ නිසයි — එවිට ඔබට පිටපතක් ගැනීමට, එය උපස්ථ කිරීමට, හෝ එය වෙනත් උපාංගයකට ගෙන යාමට පවා හැකිය.

ඔබගේ දත්ත බාගැනීම වෙත යන්න